(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව සමඟ නැගී සිටීමේ අවශ්‍යතාවයට ඉන්දීය පාර්ලිමේන්තුවේ සහය හිමිව තිබේ.
ට්විටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ ඉන්දීය පාර්ලිමේන්තු උපදේශක කමිටු රැස්වීමක ප්‍රධානත්වය මේ සම්බන්ධ සාකච්ඡාවක් පැවැති බවය.
“විවිධ ගැටළු සහ ඒ් තුළ ඉන්දියාවේ කාර්යභාරය පිළිබඳව ධනාත්මක වාතාවරණයක් තුළ පැවැත්වූ ඉතා වැදගත් සාකච්ඡාවක් වූ එහිදී මෙම දුෂ්කර අවස්ථාවේ අපගේ අසල්වැසියා සමඟ නැගී සිටීමේ අවශ්‍යතාවයට ඒකමතික සහයෝග ලබාදීමට තීරණය වුනා ”යැයි ඇමතිවරයා සදහන් කර ඇත.
මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ඉන්දියාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
ඉන්දීය රජය මේ වන විටත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ සහ ආහාර, ණය මාර්ගයෙන් ඉන්ධන ද පිරිනමා ඇත.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකම ශ්‍රී ලංකාවට ලබාදිය හැකි ආධාර ආකාරය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමින් සිටී.








