FAST NEWS

24×7 Around the Globe

පහළ වායුගෝලය කැළඹීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වේ. තවද දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි

බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුර පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ අනිකුත් ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, උතුරු, උතුරු-මැද සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක් තද වැසිද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.