(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලිට්රෝ සමාගමට ගෑස් සැපයීමේ දීර්ඝකාලීන කොන්ත්‍රාත්තුව වැඩි මිලට ඉදිරිපත් කළත් එය ඕමාන සමාගමට දීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් සභාපතිවරයා පැවසුවේ, තායිලන්තයේ ‘සියම්’ ගෑස් ආයතනයට දීර්ඝකාලීන ගිවිසුම දෙන්න යෝජනා වෙලා තිබූ බවත්, තායිලන්ත සමාගමේ මිල ඩොලර් 112 ක් ද, ඕමාන් සැපයුම්කරු ඩොලර් 129 ක් ඉදිරිපත් කර තිබෙන බවත් ය.
වැඩිදුරටත් ඔහු සඳහන් කළේ, තායිලන්ත සමාගම මෙට්ට්‍රික්ටොන් 6000 කට පමණක් මිල ඉදිරිපත් කර තිබීම ප්‍රශ්නයක් බවත්, ඕමාන සමාගම ප්‍රධාන නෞකාව මාලදිවයිනේ නැංගුරම්ලා එතැන් සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කර මාස හතරකට ගෑස් මෙට්ට්‍රික්ටොන් ලක්ෂයක් ලබාදීමට රුපියල් 129 ක් ඉදිරිපත් කර ඇති බවයි.








