(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (17) දිනය නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බව සදහන් වේ.
පාසල් සඳහා හෙට මෙලෙස නිවාඩු ලබාදෙන්නේ රජයේ සියලු ආයතන ද හෙට වසා ඇති පසුබිමකය.
එමෙන්ම අද දිනය පුරාවට පාසල් පැමිණෙන දරුවන් ප්‍රවාහන ගැටළු හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ආකාරය ද දක්නට ලැබුනා.








