FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුලු තිදෙනෙකුට ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 03 දෙනෙකු අද ඇප මත මුදා හැරියා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.

ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම අරගලවලට පහර දීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඉකුත්දා ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කෙසේ වෙතත් එම සිද්ධියට අදාලව සැකකරුවකු ලෙස නම් කර සිටින ඩෑන් ප්‍රියසාද් ලබන 22 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කළේ.