FAST NEWS

24×7 Around the Globe

චීනයෙන් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීන රජයේ සහාය ඇතිව UNFPA විසින් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ සැපයුම් කට්ටල 328,660ක තොගයක් ශ්‍රී ලංකාට ලබාදී තිබේ.

එම වෛද්‍ය උපකරණ සහ සැපයුම් කට්ටලවල වටිනාකම අමෙරිකානු ඩොලර් 800,000 ක් පමණ වේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong අතින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙම සැපයුම් තොගය භාර ගෙන ඇත.

එලෙස ලබාදුන් වෛද්‍ය උපකරණ සහ සැපයුම් කට්ටල සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා පවුල් සෞඛ්‍ය කාර්යාංශය වෙත අද (15) භාර දෙන ලදි.