FAST NEWS

24×7 Around the Globe

වත්තල වෙඩි තැබීමක් – අයෙක් මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වත්තල ඇලකන්ද ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු එම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා රාගම රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇත.

ඔහු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 23 වන වියේ පසු වූ අයකු බව සදහන් වේ.