(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොසොන් පොහෝ දිනය ශ්‍රී ලාංකික ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනය ලෙස චිරාත්ගතව ශ්‍රී ලාංකික බෞද්ධයන් සමරන පූජනීය දිනයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොසොන් දින පණිවුඩය මඟින් පෙන්වා දෙනවා.
පොසොන් පෝ දිනය, ශ්‍රී ලාංකික ජාතික ආධ්‍යාත්මික සංකේතීය දිනය ලෙසින්ම ශ්‍රී ලාංකික රාජ්‍ය දේශපාලනයේ ප්රභාවිත දිනය ලෙස ද සලකන බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පොසොන් පෝ දින පණිවුඩයේ සඳහන්.
මේ මොහොතේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් අනුදැන වදාළ ධර්ම මාර්ගය ශ්‍රී ලාංකික රාජ්‍යය පත්ව ඇති දේශපාලන සමාජ ආර්ථික වියවුල තුනී කොට සැනසුණු සමාජයක් සඳහා මාර්ග සිතියමක් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.








