(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සාකච්ඡා අවසන් වූ පසු ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එකඟතාව පළ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ (13) පස්වරුවේ දුරකථන සංවාදයක නිරත වෙමින් ඒ් මහතා මේ එකඟතාව පළ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡාවල වත්මන් තත්ත්වය අගමැතිවරයා එහිදී පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාව – අමෙරිකා එක්සත් ජනපදය සමඟ සමීප සහයෝගීතාවකින් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතාගෙන් ඉල්ලා සිටියේ ජනාධිපති ජෝ බයිඩන් මහතා වෙත සිය සුභාශිංසන පළ කරන ලෙසයි.








