(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වවුනියාවේ ආලාඩි වීදිය ප්‍රදේශයේ ළිදක තිබී හමු වූ සුරූපී කාන්තාවගේ මළ සිරුර සම්බන්ධයෙන් විශාල සැකයක් ඇති බව වවුනියාව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් 12 දා පැවසීය.
එස් සින්දුජා නැමති 32 හැවිරිදි මෙම කාන්තාව්ගේ ස්වාමියා හා දරුවන් දෙදෙනා ලන්ඩනයේ ජීවත් වන අතර මියගොස් සිටි කාන්තාව හා ඇය කාලයක්ම වෙන්ව ජීවත් වන බවද පවුලේ ඥාතීන් ප්‍රකාශ කරයි.
ඇය වවුනියාවට පැමිණ ඥාතීන් සමග ජීවත් වෙමින් සිටියදී ඇය හදිසියේම අතුරුදහන් වී ඇති අතර පසුව ඇගේ මළ සිරුර ඇය ජීවත් වූ ඉඩමට යාබද ඉඩමක ළිදකින් හමු වී තිබේ.
මෙම මරණය සිය දිවි හානි කර ගැනිමක්ද ඝාතනයක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමති අතර පරීක්ෂණ කටයුතු සදහා ඇයගේ මළ සිරුර වවුනියාව මහ රෝහල වෙත බාර දී තිබේ.
වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙනයයි.








