FAST NEWS

24×7 Around the Globe

ගෑස් නෞකාව දින 05ක් මහ මුහුදේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් සහිත නෞකාව මුදල් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් පස් වැනි දිනයටත් ඊයේ (12) නැංගුරම්ලා තිබුණි.

නෞකාවට ගෙවීමට අවශ්‍ය ඩොලර් මිලියන 2.5ක මුදල නොමැතිවීම හේතුවෙන් මෙසේ දින පහක් තිස්සේ ඉන් ගෑස් ගොඩබෑමට නොහැකි වී තිබේ. මේ හේතුවෙන් ලිට්‍රෝ සමාගම ගෑස් බෙදීම අත්හිටුවා දින පහක් ගතව ඇති අතර මහජනතාවට පෝලිම්වල රැඳී නොසිටින්නැයි ඉල්ලීමක්ද කර ඇත.

කෙසේ වෙතත් එම ඉල්ලීම නොතකා රට පුරා ස්ථාන රැසක ජනතාව ගෑස් ලබාගැනීමට දිගු පෝලිම්වල රැඳී සිටින ආකාරය ඊයේත් (12) දක්නට ලැබුණි.