(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට (Work From Home) අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට අරඹන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
රට තුල පවතින ඉන්ධන සහ බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස මෙම තීරණය ගත් බව ඔහු පැවසුවා.
එමෙන්ම සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට අවශ්‍ය පුහුණුව පසුගිය කොවිඩ් කාලයේ දී ලබා දුන් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මීට අමතරව සේවයට පැමිණීමට ලබා දෙන සහනය උපයෝගී කරගනිමින් කෘෂිකර්මයේ දීමට අවශ්‍ය නම් එයට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සහය මෙන්ම විවිධ සහන ද ලබාදෙන බව ඔහු පැවසුවා.








