FAST NEWS

24×7 Around the Globe

ලංවිම සභාපතිගේ ප්‍රකාශය ජනපති ප්‍රතික්ෂේප කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මන්නාරමේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් තමා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලපෑමක් නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේදී ලංකා විදුලිබල මණ්ඩ‍ලයේ සභාපතිවරයා කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ජනාධිපතිතුමා වගකීමෙන් කියා සිටියි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය සෑම ව්‍යාපෘතියක් ම ඉතාමත් පාරදෘශ්‍ය සහ වගවීමෙන් යුතු ව නිසි ක්‍රියාදාමයන් අනුව පැවරීම ය. ශ්‍රී ලංකාවට විදුලිබලය අත්‍යවශ්‍ය වී ඇති මේ අවස්ථාවේදී පුනර්ජනනීය බලශක්ති ක්‍රම පිළිබඳ සුවිශාල ව්‍යාපෘතීන් සඳහා ලැබෙන ඉල්ලීම් සීමිත බැවින් ඒවා ගැන සුවිශේෂ අවධානයක් දැක්වුව ද ව්‍යාපෘතීන් සඳහා ආයතන තෝරාගැනීමේදී රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූල ව පාරදෘශ්‍ය පරිපාටියක් යටතේ ක්‍රියාත්මක කරනු ලැබේ.