FAST NEWS

24×7 Around the Globe

අනුරාධපුර පූජා නගරය මතින් සහ දුමින් තොර කලාපයක් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොසොන් සතිය නිමිත්තෙන් අනුරාධපුර පූජා නගරය සහ මිහින්තලය පුජා නගරය මතින් සහ දුමින් තොර කලාපයක් බවට පත් කර තිබෙනවා.

කිසිදු පුද්ගලයෙකුට මෙම පූජා නගරවලට මත්ද්‍රව්‍ය හෝ දුම්වැටි පොසොන් සතිය තුලදී රැගෙන ඒමට නොහැකි වන ලෙස දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ මූලිකත්වයෙන් වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

එම අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට අදාළ පුවරු නිරාවරණය කිරීම සිදුවුණා.

මෙහිදී අදහස් දැක්වූ රුවන්වැලි සෑ චෛත්‍යාධිකාරී පල්ලේගම හේමරතන ස්වාමීන වහන්සේ සදහන් කළේ අනාගත පරපුර මතින් මුදවා ගැනීම සදහා නියාමන ආයතවලට වඩා දෙමාපියන් ගුරු භවතුන් ඇතුළු වැඩිහිටි පරපුරට විශාල වගකීමක් ඇති බවයි.