(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුඛ ආවරණ පැළඳීමේ පුරුද්ද, විශේෂයෙන්ම ගෘහස්ථ රැස්වීම්වලදී තවදුරටත් අනුගමනය කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මහජනතාවට දන්වා සිටිනවා.
වයෝවෘද්ධ මෙන්ම සංකූලතා ඇති පුද්ගලයින් අනවශ්‍ය ලෙස ස්වසන රෝග වලට භාජන වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් සෞඛ්‍ය ආයතන තුළ දී මුඛ ආවරණ පැලදීම තව දුරටත් අවශ්‍ය බවට තීරණය කළ යුතු බව ඔවුන් අවධාරණය කරනවා.
මුව ආවරණ භාවිතය අනිවාර්ය නොකල නිවේදනයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන්ද රෝහල් තුළදී මුඛ ආවරණ පැළඳීම තවදුරටත් අවශ්‍ය දැයි පැහැදිලි කර නොමැති බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
දැනට පවතින ආර්ථික අර්බුදය හමුවේ රට තුළ ඇති ඖෂධ සහ අනෙකුත් සෞඛ්‍ය පහසුකම්වල ඇති අඩුපාඩු කෙරෙහි මෙම නිවේ්දනයෙන් අවධානය යොමු කර තිබෙනවා.
මෙලෙස රෝගී වන සෑම පුද්ගලයකු විසින්ම ප්‍රතිකාර සඳහා සිදුවන වියදම් වැඩි කරන අතරම රැකියාවට නොපැමිණීම මගින් ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වීමට අනුබල දීමක්ද එමගින් සිදු කරනු ලබනවා.
එමනිසා මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවට කළ නිවේදනය මෙම අවස්ථාවේදී නුසුදුසු මෙන්ම කාලෝචිත නොවන බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරන්නේ.








