FAST NEWS

24×7 Around the Globe

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දේශීය සුදු සහ රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 210ක් ලෙස සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම නියෝගය ඊයේ(10) සිට බලපැවැත්වෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

කිසිදු නිෂ්පාදකයෙකු, සාදන්නෙකු, සැපයුම්කරුවෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් උපරිම සිල්ලර මිල ඉක්මවා වෙළදාම් කිරීම, සැපයීම, වෙළදාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළදාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු වේ.