FAST NEWS

24×7 Around the Globe

ධීවර සංස්ථාවෙන් මත්ස්‍ය බජට් පැක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙළෙදපොලේ මත්ස්‍ය මිල ඉහල යාම නිසා පාරිභෝගිකයන්ට සහනයක් ලෙස ධීවර සංස්ථාව මත්ස්‍ය බජට් පැක් එකක් හදුන්වා දෙයි.

කෙලවල්ලා, තලපත්, ඉස්සා, සාලයා, උම්බලකඩ ඇතුලු මත්ස්‍ය වර්ග 5 ක් ඊට ඇතුලත්ය.

එහි එක් මත්ස්‍ය වර්ගයක බර ග්‍රෑම් 350 කි. මිල රුපියල් 1350 ක් වෙයි.

මත්ස්‍ය මිල අඩුවු වහාම එම බජට් පැකට්ටුවේ මිල අඩු කරනු ඇත. මෙය දිවයින පුරා ඇති ධිවර සංස්ථාවේ අලෙවි කුටි වලින් මිලදි ගත හැකිය.