(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධන ලබාගතහැකි ස්ථාන හා ඒවායේ ඇති ඉන්ධන වර්ග පහසුවෙන් දැනගන්න ක්‍රමවේදයක් හදුන්වා දෙයි.
මෙමගින් ඉන්ධන ඇති පිරවුම් හල් , ඒවායේ ඇති ඉන්ධන වර්ග සහ ඒ ඒ ඉන්ධන ප්‍රමානද දැනගත හැකිවේ.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), විසින් දියත් කෙරෙන මෙම ඉන්ධන කළමනා කරන පද්ධතියෙන් දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පිළිබද තොරතුරු වඩාත් පහසුවෙන් කළමනාකරණය කිරීමත් එම තොරතුරු මහජනතාවට පහසුවෙන් දැන ගැනීමට ඉඩකඩ සලසාදීමත් අරමුණු කර ගනිමින් දියත් කෙරේ.
එමගින් ඉන්ධන හල් අසල අනවශ්‍ය පොලින් ඇතිවීම මෙන්ම පාරිභෝගිකයන්ගේ කාලය ඉතුරු කරගැනීමටද හැකිවනු ඇතිබව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා පැවසීය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සහයෝගීතාවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකය.
පළමු අදියරේදී, දිනපතා උදෑසන ඉන්ධන පිටත්කර යැවීම පිළිබඳ තොරතුරු, ඉන්ධන පිරවුම්හල් විස්තර, පිටත් කර යවන ලද ඉන්ධන ප්‍රමාණය සහ තොග තිබේද යන තොරතුරු මෙම වෙබ් අඩවිය මගින් යාවත්කාලින කෙරේ.
එම තොරතුරු දැන ගැනීමට , feul.gov.lk වෙබ් අඩවියට පිවිස තමාට ඉන්දන ලබාගැනීමට බලාපොරොත්තුවන නගරයේ නම ඇතුලත් කල යුතුය.
එහිදී එම පිවුම් හලේ ඇති ඉන්ධන වර්ග ,ප්‍රමාණය , බව්සරයක් පිටත්වී ඇත්නම් එපිලිබද විස්තර ද ලබා ගත හැකිය. එමෙන්ම ජංගම දුරකතනයක් හරහා SMS මගින්ද ප්‍රවේශ විය හැකියි. ඒ සදහා පළමුව වෙබ් අඩවියට පිවිස අදාළ ඉන්ධන පිරවුම් හලෙහි කේත අංකය ලබාගත යුතුය.
SMS මගින් තොරතුරු ලබාගන්නා ආකාරය
1 පියවර – FUEL<හිස්තැනක් >ඉන්ධන පිරවුම්හලේ කේතය> ටයිප් කර දුරකථන අංක 1919 වෙත යැවිය යුතුය.
2 පියවර – ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පිළිබඳ පහත තොරතුරු ඔබට ලැබෙනු ඇත.
• ඉන්ධන පිරවුම් හලේ නම
• ඉන්ධන පිරවුම් හලේ දුරකථන අංකය.
• පවතින ඉන්ධන ධාරිතාව:
• 92 පෙට්‍රල් – (ධාරිතාව)
• 95 -පෙට්‍රල් (ධාරිතාව)
• ඩීසල් (ධාරිතාව)
• සුපර් ඩිසල් – (ධාරිතාව)
• භූමිතෙල් – (ධාරිතාව)
• බවුසරය පිටත්වූ දිනය සහ වේලාව
• අවසන් වරට යාවත්කාලීන කළ දිනය සහ වේලාව
මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දෙවන අදියරේදී සාමාන්‍ය ජනතාවට ටෝකන් පත් නිකුත් කිරීමට ඉන්ධන පිරවුම්හල්වලට හැකි වේ. එමෙන්ම මහජනතාවට තොරතුරු යාවත්කාලීන කිරීමට ද දායක විය හැකිය. වැඩි විස්තර හා ප්‍රශ්න පිළිතුරු feul.gov.lk වෙත පිවිසිමෙන් ලබාගත හැකිය.








