(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ව්යාපාරිකයෙකුෙවන ධම්මික පෙරේරා මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය සදහා නම් කළ බව එම පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රි නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්රි බැසිල් රාජපක්ෂ මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩුවූ ජාතික ලැයිස්තු මන්ත්රි ධුරය සදහා මෙලෙස ධම්මික පෙරේරා මහතාගේ නම යෝජනා කර ඇත. මේ වනවිට ඒ මහතාගේ නම මැතිවරණ කොමසාරිස් කාර්යාලයට යොමුකර තිබේ.
මේ අතර ධම්මික පෙරේරා මහතා අද(10) උදෑසන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අතින් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.
ධම්මික පෙරේරා මහතා ඔහු යටතේ පැවති සියලූම සමාගම්වල අධ්යක්ෂ මණ්ඩල සාමාජික ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.








