(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවමින්, ඒවාට බලතල සහ කාර්යභාරයන් පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (09) රාත්‍රී අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කර ඇත.
ඒ අනුව තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයක් සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයක් ස්ථාපිත කර තිබේ.
ආගමන හා විගමන කටයුතු, විදුලි සංදේශ කටයුතු නියාමනය, තොරතුරු තාක්ෂණ පහසුකම් සැපයීම, සයිබර් ආරක්ෂණය, පුද්ගලයන් ලියාපදිංචි කිරීම, ආයෝජන ප්‍රවර්ධනය, ආර්ථික සංවර්ධන කලාප ප්‍රවර්ධනය ආදිය ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයෙන් ඉවත්කර අලුතෙන් ස්ථාපිත කර ඇති තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1)(අ) අනු ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල අනුව අද (10) දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙය නිකුත් කර තිබේ.








