(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (10) දිනයේත් ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම සදහන් කරයි.
දිවයිනට පැමිණ ඇති ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක හිඟ මුදල තවමත් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස ගෑස් බෙදාහැරීම ප්‍රමාද වන බව වාර්තා වේ.
කෙසේ වෙතත් අද දිනයේදී ගෙවීම් සිදුකළහොත් දහවල් වනවිට ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කරන බව එම සමාගම පැවසීය.








