(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලාංකික පවුල්වලින් සියයට 80කට වඩා අඩු මිලට හෝ සීමිත ආහාර අනුභව කරන බවත්, මෙය මන්දපෝෂණයේ අවදානම ඉහළ නංවා ඇති බවත් ලෝක ආහාර වැඩසටහනේ මාසික වාර්තාවක සඳහන් කර තිබේ.
එමෙන්ම එක දිගට කන්න දෙකකින් වී අස්වැන්න අඩුවීම ආහාර අනාරක්ෂිත භාවය වැඩි කරන බව එම වාර්තාව පෙන්වා දී ඇත.
මුදල් අවප්‍රමාණය වීම හේතුවෙන් ආනයනික සහල් මිල 20% කින් ඉහළ ගොස් ඇති බවත්, සැපයුම් හිඟය සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් දේශීය සහල් වර්ගවල මිල 6% කින් ඉහළ ගොස් ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.








