FAST NEWS

24×7 Around the Globe

ජොන්ස්ටන්ට අභියාචනාධිකරණයෙන් දුන් නියෝගය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(09) රාත්‍රී 8.00 ට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් අභියාචනාධිකරණය අද (09) හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හට නියෝගයක් නිකුත් කළේය .

තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාල නියෝගය නිකුත් කළේය.