FAST NEWS

24×7 Around the Globe

IMF සහාය සැප්තැම්බර් වනවිට – අගමැති

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –සැප්තැම්බර් මාසය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, සහාය ලබාගැනීමට හැකිවෙතැයි තමා අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ලක්ෂ්මන් කිරිඇල්ල යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

ශ්‍රී ලංකාවට හැකි ඉක්මනින් මුදල් අවශ්‍ය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලලේ සහාය ලැබුණු පසු අනෙකුත් රටවල්වලින් මුදල් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි, අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.