(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට තමන් තීරණය කළ බව හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
පොදු ජන පෙරමුණේ සුදුසු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට යැවීමට අවස්ථාව ලබා දෙමින් මෙලෙස ධුරයෙන් ඉවත්වන බව මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජපක්ෂ මහතා සදහන් කළේය.
එහි දී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මන්ත්‍රී ධූරයෙන් ඉවත්වුව ද තමන් දේශපාලනික කටයුතුවලින් ඉවත් නොවන බවය.








