(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(09) දිනයේද ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි.
එම සමාගම සඳහන් කළේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් ඊයේ(08) දිවයිනට පැමිණි බවයි. කෙසේ මුත් ඊට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක හිඟ මුදල අද දිනයේ ගෙවීමට අපේක්ෂා කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සදහන් කළේය.
එම නෞකාවේ ගෑස් දින 06ක කාලයක් සඳහා ප්‍රමාණවත් බව සදහන් කෙරේ.
කෙසේවෙතත් ගෑස් ලබා ගැනීමේ අරමුණින් ඊයේ දිනයේද ප්‍රදේශ රැසක දිගු පෝලිම් දක්නට ලැබුණි.








