(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෙට්‍රල් සහ ඩීසල් දැනට නිකුත් කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් අද (08) සිට ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
සැලසුම් කර තිබූ ඉන්ධන නෞකාවලට පෙර තවත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවීම ඊට හේතුව බව අමාත්‍යවරයා සඳහන් කළේය.








