FAST NEWS

24×7 Around the Globe

අගමැති හා IMF කළමනාකාර අධ්‍යක්ෂ අතර සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සමඟ ඊයේ (07) සවස දුරකථන ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

IMF කාර්ය මණ්ඩල මට්ටමේ නියොජිත කාණ්ඩයම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසත් එවිට කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අවසන් කිරිමට හැකි බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළ බව සඳහන් වෙයි .

ශ්‍රී ලංකාව සහ IMF කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් අවසන් කිරීම මත මූල්‍ය සම්බන්ධතා සාකච්ඡා රඳා පවතින බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර තිබෙයි

මෙම සාකච්ඡාවේ දී IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රි ලංකාවට සහය පළ කිරීමට කැමැත්ත ප්‍රකාශ කළ බව ද වාර්තා වෙයි

මෙම දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාවට සහාය වීමට IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය කැමැත්ත පළ කළාය.