FAST NEWS

24×7 Around the Globe

අදත් ධාවනයට එක්කරන්නේ බස් ඉතාම සීමිත සංඛ්‍යාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේත් ධාවනයට එක්කෙරෙනුයේ බස් රථ ඉතාම සීමිත සංඛ්‍යාවක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, ඊයේ රාත්‍රිය වන තෙක් බෙහෝ පෞද්ගලික බස් රථ ඉන්ධන පෝලිම්වල ගාල් කර තිබූ බවයි.

ඉන්ධන හිගය හේතුවෙන් තවදුරටත් පෞද්ගලික පොදු ප්‍රවාහන සේවාවලට බාධා මතුව තිබෙනවා.

මේ හේතුවෙන් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ, ත්‍රීරෝද රථ හා කුලි රථ සේවාවන් ද නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ.

කෙසේ වෙතත් ලංගම හා දුම්රිය සේවා සාමාන්‍ය කාලසටහන් අනුව ක්‍රියාත්මකයි.

මේ අතර අද සිට සාමන්‍ය පරිදි ඉන්ධන සැපයුම සිදුකරන බවයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කලේ.