FAST NEWS

24×7 Around the Globe

රුසියානු ගුවන් යානය රඳවා ගැනීමේ සිද්ධියේ පිස්කල්ගේ වැඩ තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කටුනායක ගුවන් තොටුපොළට ආ රුසියානු ‘‘එරෝෆ්ලොට්‘‘ ගුවන් සමාගමට අයත් ගුවන් යානය රඳවා ගැනීමේ සිද්ධියට අදලව කොළඹ වාණිජ මහාධිකරණ පිස්කල්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යාසථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ පවසන්නේ අදාල ගුවන් යානය රඳවා තබා ගැනීමේ සිදුවීමට අදාලව කොළඹ වාණීජ මහාධිකරණය මඟින් නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියාවේ යෙදවීමේදී අධිකරණ ක්‍රියාවලිය අයුතු ලෙස යොදාගෙන ඇති බවට පිස්කල් නිලධාරියාට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි.