FAST NEWS

24×7 Around the Globe

පෙට්‍රල් සහ ඩීසල් බෙදාහැරීම ගැන ඇමති කංචනගෙන් ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෙට්‍රල් සහ ඩීසල් හෙට(08) සිට යලි සාමාන්‍ය පරිදි පිරවුම්හල් වෙත නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ සැලසුම් කර තිබූ ඉන්ධන නෞකාවලට පෙර තවත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ නිසා මෙම තීරණයට එළඹි ඇති බවයි.