FAST NEWS

24×7 Around the Globe

සරසවි දෙකකට නව උප කුලපතිවරු පත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සෙල්වරාජා සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ලෙස රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ආර්. වික්‍රම සෙනෙවිරත්න යන මහත්වරු පත් කර තිබේ.

අදාළ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (07) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී භාර දෙනු ලැබිණ.