(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තංගල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් එක්අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
ඊයේ (05) රාත්‍රී 7ට පමණ තංගල්ල – මොටකැටිආර ප්‍රදේශයේදී එම වෙඩිතැබීම සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
තංගල්ල – කතරගම මාර්ගයේ ගමන් කරමින් තිබූ කැබ් රථයක රියදුරුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇත.
එම වෙඩිතැබීමෙන් කැබ් රථයේ රියදුරා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රියදුරා මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මෙම මිය පුද්ගලයාද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙක් බව අනාවරණ වී ඇතැයි පොලීසිය පවසයි.








