FAST NEWS

24×7 Around the Globe

පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින්(06) ඇරඹෙයි.

අපොස සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පළමු වාරයේ පළමු අදියර පසුගිය මස 09 වැනිදා අවසන් විය.

අදින් ආරම්භ වන පළමු වාරයේ දෙවන අදියර අවසන් වන්නේ ලබන මස 08 වැනිදාය. දෙවැනි පාසල් වාරය ලබන මස 18 වැනිදා ඇරඹෙයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු ඒකකය පවසන්නේ එම දින වකවානු වෙනස්වීමට ඉඩ ඇති බවයි.

පසුගිය කාලයේ පාසල් පැවැත්වුයේ සිමිත දින ගණනක් බැවින් මේ වසරේ දෙසැම්බර් මස අග දක්වා පාසල් පැවැත්වීමටත් දරුවන්ට පාසල් දින ගණන උපරිමයෙන් අත්කරදී මේ වසරේ විෂය නිර්දේශ ආවරණය කිරීමටත් අධ්‍යාපන අමාත්‍යංශය අපේක්ෂා කරයි.