(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැයි 9 දා නිට්ටඹුවේදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් සැරයන් ගුණවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 21 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වන මනුෂ්‍ය ඝාතනය සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මඟින් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.








