FAST NEWS

24×7 Around the Globe

අද පැය 07ක ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නුගේගොඩ සහ තදාසන්න ප්‍රදේශවලට අද (04) පැය 07ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

අද රාත්‍රී 10.00 සිට ඉරිදා (05) අලුයම 05.00 දක්වා ජල සැපයුම අත්හිටුවන ඇත.

ඒ අනුව ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, නුගේගොඩ සහ පාගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවයි.

හයිලෙවල් මාර්ගයේ විජේරාම සිට 7 කණුව දක්වාත්, නුගේගොඩ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා සම්බන්ධිත සියලුම මාර්ගවලත් ජල කප්පාදුව සිදුවේ.