(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද ඉහළ දමා තිබේ.
ඒ අනුව මෙතෙක් සියයට 11.25 ක්ව පැවති එම බද්ද සියයට 15 දක්වා ඉහළ දමා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සදහන් කළේය.
එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 8% සිට 12% දක්වා වැඩි කිරීමට රජය පසුගියදා තීරණය කළේය.
වැට් බදු සංශෝධනය පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව ගැසට් නිවේදනය ද නිකුත් කරන ලදි.








