FAST NEWS

24×7 Around the Globe

ත්‍රීරෝද රථවලට ඉන්ධන ලබාදීම ගැන සැළසුමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන ලබාදීම ඉදිරියේදී ගැටලුවක් නොවන අකාරයන් පවත්වාගෙන යමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ත්‍රීරෝද රථ සංගම් නියෝජිතයන් සමග ඊයේ(02) පැවති රැස්විම් කදි අග්‍රාමාත්‍ය මේ බව ප්‍රකාශ කළේය.

ත්‍රීරෝද රථ නියාමන ආයතනයක් පිහිටුවීම සඳහා සහයෝගය ලබා දීමට අගමැතිවරයා මෙහිදී එකඟත්වය පල කර සිටියේය.

රටට මාසයකට අවශ්‍ය ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 500ක් බව අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එබැවින් ඉදිරියේදී රට මුහුණ දෙන අර්බුදය හමුවේ ත්‍රීරෝද රථ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් දිර්ඝ ලෙස එහදි සාකච්ඡා කළේය.

මේ අතර ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ නියොජිතයන් සමග ද අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාවකට එක් විය.

ඉන්ධන පිරවුම්හල් වල ආරක්‍ෂාව හා ඉන්ධන ලබාදීම ක්‍රමවත් කිරීම පිළිබඳ එහිදී සාකච්ඡා කෙරුණි.