FAST NEWS

24×7 Around the Globe

බෙංගාලි ව්‍යාඝ්‍ර පැටවුන් මහජන ප්‍රදර්ශනයට – නම් තැබීමටත් අවස්ථාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පසුගියදා උපත ලැබූ බෙංගාල ව්‍යාග්‍ර පිරිමි පැටවුන් තිදෙනෙක් ඊයේ මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරිණ. සත්වෝද්‍යානයේ බලධාරීන් පවසන්නේ, එම පැටවුන්ට නම් තැබීමේ අවස්ථාව මහජනතාවට ද හිමි වන බවයි.

සත්ව හුවමාරු වැඩසටහන යටතේ, 2008 වසරේ චීනයෙන් රැගෙන එනු ලැබූ රොබින් සහ කෙල්ල යන ව්‍යාග්‍ර යුවලට දාව මෙම පැටවුන් තිදෙනා උපත ලැබුවේ, ඉකුත් මාර්තු 5 වැනි දිනයි. පිරිමි සතුන් තිදෙනා මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට පෙර එම සතුන් ඒ සඳහා හුරු කර තිබේ.

දෙහිවල සත්වෝද්‍යාන බලධාරීන් පවසන්නේ, පැටවුන්ට නම් තැබීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.

ඒ සඳහා ලබන 10 දක්වා කාලසීමාවේ තමන්ට කැමති නම් යෝජනා අවස්ථාව ජනතාවට ද ලබාදී තිබේ.

ඒ අනූව අදාළ නම් යෝජනා කර එය zoo.sl.slt.lk යන ඊමේල් ලිපිනයට හෝ පැමිණ බාර දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.