FAST NEWS

24×7 Around the Globe

අලුත්ගම වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී අද (03) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් 42 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇත.

බේරුවල මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඝාතනයට ලක්වූ පුද්ගලයා ලොරි රථයකින් ගොස් තැඹිලි එකතු කරන්නෙකු ලෙස කටයුතු කරන බව බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.