(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්රී ලංකා යුද හමුදාවේ නව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ඊයේ (02) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හමුවිය.
අග්රාමාත්ය කාර්යාලයේදී එම හමුව සිදු විය.
එහිදී, නව යුද හමුදාධිපතිතුමන් සහ අග්රාමාත්යතුමන් සුහඳ සාකච්ඡාවක නිරත විය.
ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා මෙම අවස්ථාව සනිටුහන් කරමින් අග්රාමාත්යවරයා වෙත සමරු තිළිණයක් ප්රදානය කළේය.








