FAST NEWS

24×7 Around the Globe

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ජනපති හමුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (02) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

අනතුරුව නව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ද ජනාධිපතිතුමා හමු වූයේය.

අදාළ ධුරයන්හි රාජකාරී ආරම්භ කිරීමෙන් පසු සේනාධිනායක, ජනාධිපතිතුමා හමු වීම සාම්ප්‍රදායානුකූලව සිදු වේ.