FAST NEWS

24×7 Around the Globe

පත්තර මහගෙදර මුල්පුටු‌ව අනූෂට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපතිවරයා ලෙස අනූෂ පැල්පිට මහතා අද(03) වැඩ බාර ගැනීමට නියමිතය.

ඒ මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසින් ද කටයුතු කරන අතර තුරු මෙම ධූරයේ වැඩ බැලීමට නියමිතය.

ප්‍රවීණ පරිපාලන නිලධාරියකු වන ඔහු කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය අංශයේ තනතුරු රැසක් හොබවා ඇත. ඒ මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කර තිබේ.

මේවන විට ලේක්හවුස් ආයතනය ද දැවැන්තම ආර්ථික අභියෝගයකට මුහුණ දී සිටියි.