(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටේ පවතින ආර්ථික හා මූල්‍ය අභියෝගය සමනය කර ගැනීම සඳහා අවම වශයෙන් අමෙරිකන් ඩොලර් බිලියන 3ක පමණ ණය මුදලක් ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර කර තිබේ.
විස්තීරණ අරමුදල් පහසුකම යටතේ අදාළ ණය මුදල ගැනීමට සැලසුම් කරමින් සිටින අතර, මේ සම්බන්ධයෙන් තවත් තාක්ෂණික වටයේ සාකච්ඡාවක් ඉදිරි දින කිහිපයේදී ආරම්භ වන බව ද අන්තර්ජාතික මූල්‍ය අරමුදල සඳහන් කරයි.
ඒ අනුව ජූනි මස අවසන් වන විට අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය එකඟතාවකට එළඹීමට බලාපොරොත්තු වන බව ද වාර්තා වෙයි. ශ්‍රී ලංකාවට ණය දීම සඳහා ව්‍යූහාත්මක ආර්ථික ප්රතිසංස්කරණයක් කිරීම අවශ්‍ය බවට අන්තර්ජාතික මූල්‍ය අරමුදල මීට පෙර සඳහන් කර තිබිණි.
ඒ අනුව පුළුල් ප්‍රතිසංස්කරණ පැකේජයක් සඳහා ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ආදායම් ඉහළ නැංවීම සඳහා බදු සංශෝධන ඉදිරිපත් කිරීම, වැට් බද්ද ඉහළ නැංවීම වැනි යෝජනා ඉදිරිපත් කළ බව ද අන්තර්ජාතික මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
රජයේ බදු ආදායම ඉහළ නැංවීමේ අරමුණ ඇතිව වැට් බද්ද සහ විදුලි සංදේශ බද්ධ සංශෝධනය කිරීමට යෝජනා කර තිබෙන අතර, එකතු කළ අගය මත බද්ද (වැට් බද්ද) සියයට 8 සිට සියයට 12 දක්වා ඉහළ නංවා තිබේ.








