FAST NEWS

24×7 Around the Globe

මාර්තු 31 – මැයි 15 සිදුවූ හානි සෙවීමට කොමිෂන් සභාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2022.03.31 සහ 2022.05.15 යන දින අතර කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපළ හානි හා ජීවිත හානි පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, අතිරේක ප්‍රධාන තක්සේරුකරු එන්.ඒ.එස්. වසන්ත කුමාර යන මහත්වරුන් පත් කර තිබේ.

ජනාධිපති අතිරේක ලේකම් බුවනෙක හේරත් මහතා එහි ලේකම් ලෙස කටයුතු කරයි.

කොමිෂන් සභාවේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (01) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා අතින් සිදු විය.