FAST NEWS

24×7 Around the Globe

කම්කරු දෙපාර්තමේන්තු කාර්යාල සෑම සිකුරාදාම වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යාල (EPF – ETF) නැවත දැනුම් දෙනතුරු සෑම සිකුරාදා දිනයකදීම වසා දැමීමට තීරණය කර තබේ.

නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කලේ පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම අවම කිරීමට රාජය ආයතනවල කාර්යය මණ්ඩලය කැඳවීම සීමා කිරීම සඳහා නිකුත් කළ රාජය පරිපාලන චක්‍රලේඛයට අනුව මෙම පියවර ගත් බවයි.

එබැවින් සේවාලාභින් සේවාවන් ලබා ගැනීම සඳහා සිකුරාදා දිනයන් හීදී ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණීමෙන් වැළකී සිටින ලෙස ඒ මහතා ජනතවගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව හෙට (03) සිට ක්‍රියාත්මක වන පරිදි කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සියලුම දිස්ත්‍රික් කාර්යාල සිකුරාදා දින වසා තැබෙනු ඇත.