(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දුමින්ද සිල්වා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
ජනාධිපති පොදු සමාව ලබාදුන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වන ආර්. දුමින්ද සිල්වාට ලබාදුන් සමාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (31) අතුරු නියෝග කිරීමත් සමඟ ඔහු ඊයේ01) ශ්‍රී ජයර්ධනපුර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියේය.
පපුවේ ආබාධයක් යැයි සඳහන් කරමින් රෝහලට ඇතුලත් වී තිබිණි.
අත්අඩංගුවට ගත් දුමින්ද සිල්වා මේ වන විට ජයවර්ධනපුර රෝහලේ 18 වන වාට්ටුවෙහි පොලීසිය භාරයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තාවේ.
අත්අඩංගුවට ගත් දුමින්ද සිල්වා මේ වන විට ජයවර්ධනපුර රෝහලේ 18 වන වාට්ටුවෙහි පොලීසිය භාරයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තාවේ.