FAST NEWS

24×7 Around the Globe

ගම්පහ තක්ෂිලාවේ සාමාන්‍ය පෙළ විභාග ශාලාව ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගම්පහ කලාපයේ විභාග මධ්‍යස්ථානයක වැස්සට තෙමෙමින් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඒ මොහොතේදී ම සහනයක් ලබා දීමට කටයුතු කළ බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙම ශාලාව විභාග ශාලාවක් ලෙස තෝරා ගැනීමත්, වැසි සහිත අවස්ථාවක ක්ෂණික පියවර ගෙන ශාලාව වෙනස් නොකිරීමත්, විභාග දෙපාර්තමේන්තුවට තත්ත්වය වාර්තා කර උපදෙස් ලබා නොගැනීමත් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීමට සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.

ගම්පහ කලාපයේ විභාග මධ්‍යස්ථානයක වැස්සට තෙමෙමින් සිසුන් පිරිසක් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අන්දම සමාජ මාධ්‍ය ඔස්සේ පළව තිබීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ පියවර ගෙන ඇත.