FAST NEWS

24×7 Around the Globe

සිගරට් – අරක්කු මිල ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියලුම දේශීය සිගරට් වර්ගවල මිල අද(01) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව ලංකා දුම්කොළ සමාගමේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කරයි.

වැට් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගැනීම නිසා නිෂ්පාදන මිල ඉහළ යෑම හේතුවෙන් මෙසේ මිල ඉහළ දමන බවත්, සිගරැට් වර්ගය අනුව මිල වැඩිවීම තීරණය වන බවත් ඔහු පැවසීය.

සිගරට් වර්ගය අනුව වැඩිවන මුදල අද රාත්‍රී ප්‍රකාශයට පත්කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

මේ අතර DCSL සමගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ ජූනි 01වනදා සිට සියලුම වර්ගයේ අරක්කු වල මිල ඉහල යන බවයි.