(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෛද්‍යවරියක් පදවාගෙන පැමිණි මෝටර් රථයක් බූස්ස වැල්ලබඩ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදි බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනයවු සාගරිකා දුම්රියේ හැපී අද (01) උදේ සිදු වූ අනතුරින් මෝටර් රථයේ සිටි කාන්තාවක් තුවාල ලබා ඇතැයි රත්ගම පොලිසිය සදහන් කරයි.
අම්බලන්තොට රිදියගම පුනරුත්ථාපන කඳවුරේ සේවය කරන රත්ගම ගණේගොඩ පදිංචි වෛද්‍යවරියක් නිවසේ සිට තම ඥාතිවරියක් බස් නැවතුම්පොල වෙත කැඳවා ගෙන එමින් සිටියදි ගාල්ල දෙසින් පැමිණි දුම්රියේ හැපි ඇත.
අනතුරෙන් වෛද්‍යවරියට තුවාල සිදුවි නොමැති අතර ඉදිරි වම් පස අසුනේ සිටි ඇයගේ ඥාතිවරියට සුලු තුවාල සිදුව ඇතැයි පොලීසිය කියයි.
මෙම ස්ථානයේ විදුලි සංඥා තිබුණත් ඒවා අක්‍රියවි ඇති බව සඳහන් පුවරුද එම ස්ථානයේ ඇති බව පොලිසිය පැවසිය.
රත්ගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.








